Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2021 20:25:00 Hours

කෙසෙල්වත්ත විහාරස්ථානයේ කඨීන පිංකමට 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ සහාය

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි සිරිනන්දන විහාරස්ථානයේ වාර්ෂීක කඨින චීවර පූජාව (ඔක්තෝබර් 22 – 23 දින) සංවිධානය කිරීම සඳහා 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදඋයන්ගොඩ ධම්මවිමල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ මෙම කඨින චීවරය විහාරස්ථානය වෙත වැඩම කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරිණි.

ඉන් අනතුරුව කඨින පිංකමට සමගාමීව භීක්‍ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් බැතිමතුන් උදෙසා බෝධි පූජා පිංකමක් සහ ධර්ම දේශනාවක් පැවැත්විණි. පසුව එම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නය උදෙසා ‘හීල් දානය’ සහ අටපිරිකර ද පූජා කළේය.

මෙම කඨින පිංකම සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එල්.එස්.එස් ලියනගම, 4 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ජී.ඒ බණ්ඩාර, 1 වන ශ්‍රී ලංකා පුරෝගාමි බලකායේ අණදෙන නිලධාරි මේජර් අයි.අයි.එම්.පී. උඩුකුඹුර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ බැතිමතුන් පිරිසක් සිය දාකයත්වය දැක්වූහ.