26th October 2021 20:15:40 Hours
යුද්ධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට නව ප්‍රවේශයක් ලබාදෙමින් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල තුල ‘තිලාපියා’ වර්ගයේ මිරිදිය මත්ස්‍ය පැටවුන් සහ විසිතුරු මත්ස්‍යයින් ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
ඒ අනුව, 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් කුඩා මත්ස්‍ය පැටවුන් 15,000 ක් සහ ගෝල්ඩන් කාෆ් වර්ගයේ විසිතුරු මත්ස්‍ය පැටවුන් 10,000 ක් කන්දකාඩු ගොවිපල ආශ්‍රිත ජල තටාක වෙත මුදාහරින ලදී.
ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව දියත් කළ මෙම ව්‍යාපෘතිය තුළින් විසිතුරු මත්ස්‍යයින් අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීමට කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය අපේක්‍ෂා කරයි.
මෙම අවස්ථාවට 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එල්.සී.එන්. මුතුතන්ත්‍රී, කන්දකාඩු ගොවිපලේ නිලධාරි අණදෙන මේජර් ආර්.එම්. සරත් කුමාර සහ ව්‍යාපෘති භාර නිලධාරි කපිතන් ඒ.ඒ.කේ.වයි. වික්‍රමසිංහ සහභාගි වූහ.