Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2021 19:40:47 Hours

681 වන බලසේනා මුලස්ථානයේ ඉදිකල නව පහසුකම් රැසක් විවෘත කෙරේ

උදයාරකට්ටුකුලම් ප්‍රදේශයේ පිහිටි 681 වන බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නිලධාරි නවාතැන් සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කළ කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (23) දින පැවැති උත්සවයකදී විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ 681 වන බලසේනාවේ ප්‍රතිපාදන යොදාගනිමින් එම බලසේනාවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය ඇතිව නිලධාරි නවාතැන් සංකීර්ණය සහ කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව ප්‍රතිසංස්කරණය කරන ලදී.

මේ සඳහා 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආරච්චි, 68 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් එච්.ඒ.අයි. පෙරේරා සහ 68 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි කර්නල් ජි.ආර්.එස්. ධර්මරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහයෝගය හිමිවිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.