Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2021 16:00:00 Hours

නැගෙනහිර භටපිරිස් පොතුවිල් ප්‍රදේශයේ වයෝවෘධ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙ‍නුවෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස පරිත්‍යාගශීලියෙකු මෙන්ම සමාජ සේවා ක්‍රියාකාරියෙකු වන ඕස්ට්‍රේලියාවේ පදිංචි අතුල ජයසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මෙම නිවස ඉදිකර දෙන ලදී.

ඒ අනුව, නිවස ඉදිකිරිම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අනුග්‍රහකයා විසින් ලබාදුන් අතර 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා ගේ උපදෙස් පරිදි 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස්ගේ අධීක්ෂණය යටතේ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි මේජර් දිලුම් විජේතිලක ගේ මඟපෙන්වීම මත මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු භටපිරිස් විසින් සති කිහිපයක් තුල සිදුකරන ලදී.

නිවාසලාභියා වන අංක 2, වික්ටෝරියා වත්ත, සෙංගමුව, පොතුවිල් ලිපිනයේ පදිංචි පී ෂන්මුගම් මහතා සිය මහලු පියා සහ ඔහුගේ බිරිඳ සමඟ නිවසක් නොමැතිව සිටින බව යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් වීමෙන් අනතුරුව මෙම නිවස ඉදිකිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද මෙම නිවස ඉකුත් අඟහරුවාදා (19) දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී.

හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පැවති මෙම උත්සවය අතරතුරදී, පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර නව නිවස විවෘත කෙරිණි. එහිදි නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්ද නිවාසලාභියා වෙත පරිත්‍යාග කළේය.

නව නිවස විවෘත කිරිමෙන් අනතුරුව, මේජර් ජෙනරල් චන්න වීරසූරිය එම පරිශ්‍රයේ පොල් පැළයක් ද රෝපණය කළේය. නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය දැක්වූ පරිත්‍යාගශීලියාට සහ නිවස ඉදිරිකීරිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදුන් භටපිරිස් වෙත එහිදි සිය ප්‍රසාදය පළ කළේය.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, 242 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස් ඇතුළු නිලධාරීන් සහ ප්‍රතිලාභීන්ගේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.