26th October 2021 08:56:36 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව මාතලේ ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙන ලදී.
මාතලේ ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන එස්. බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකළ මෙම නව නිවස පවතින කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති උත්සවයකදී නිවාසලාභියා වෙත භාරදුන්නේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ලබාදුන් උපදෙස් හා මඟපෙන්වීම මත යුද්ධ හමුදා භටපිරිස්වල තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් සති කිහිපයක් තුල මෙම නිවස ඉදිකරන ලදී.
හින්දු ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව පැවැති මෙම නිවස විවෘත කිරීමේ අවස්ථාවට 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක, 111 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 1 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ අණදෙන නිලධාරී කර්නල් ආර්.එම්.එච්. ජයතිස්ස, රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සහ යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.