Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2021 12:00:00 Hours

මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 198 දෙදෙනකු විසිර යති

මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 198 දෙ‍ෙනකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය බදාදා (13) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැත්විණි.

ගැමුණු හේවා බලඇණිය (26), විශේෂ බලකාය (80) සහ සන්නද්ධ බුද්ධි බලකාය (92) ආදි වශයෙන් එක් එක් රෙජිමේන්තුවලට අයත් ආධුනික සෙබලුන් 198 දෙනෙකු පුරා මාස 4 කට අධික කාලයක් මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් සාර්ථකව පුහුණුව හදාර මෙලෙස විසිර යන ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම ආධුනික සෙබලාට හිමි කුසලානය ගැමුණු හේවා බලකායේ කේ.එච්.ටී.එල් මධුශංක හිමිකරගන්නා ලදී.

විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීර සහභාගී විය.

මෙම ආධුනික පුහුණු පාඨමාලාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට අනුව ක්‍රියාත්මක කරන ලදී.