Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 14:45:16 Hours

සන්නාහ සන්නද්ධ රථ යොදාගනිමින් සිදුකරන වෙඩි තැබීමේ පුහුණුවීම් අඛණ්ඩව

සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන සිදුකරන වෙඩි තැබීමේ පුහුණුවීම් වල දෙවන අධියර ඔක්තෝබර් මස 7 සහ 8 දෙදින පුරා කල්පිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති ලබාදුන් උපදෙස් මත සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ අධීක්‍ෂණය යටතේ පැවැති මෙම පුහුණු වැඩසටහනට 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා පාඨමාලා හැදෑරු නිලධාරින් 16 දෙනෙකු සහ සෙසුනිලයින් 134 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වුහ.

මේ සඳහා සන්නාහ සන්නද්ධ තරුණ නිලධාරි පාඨමාලාව, සන්නාහ සන්නද්ධ රථ අවි ක්‍රියාකරු පාඨමාලාව සහ මූලික අවි පාඨමාලව හැදෑරු සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වුහ.

මෙම වෙඩි තැබීමේ පුහුණු වැඩසටහන BMP MK 11 වර්ගයේ සන්නද්ධ රථ දෙකක්, BTR 80A වර්ගයේ සන්නද්ධ රථ දෙකක් සහ WMZ 551A AFV වර්ගයේ සන්නද්ධ රථ දෙකක් යොදාගනිමින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසලේ සේනාවිධායක සහභාගි වූහ.