Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 14:25:16 Hours

දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී යුද්ධ හමුදා දින සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරමින් 2021 ඔක්තෝබර් මස 10 වන දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්විණි. දියලතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියංගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය යුද්ධ හමුදා ධජය එසවීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි.  

එහිදී, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව යුද්ධ හමුදා ගීතය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලදී.

ඉන් පසුව,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නිකුත් කල පණිවිඩය යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විධායක අධිකාරි මේජර් ආර්.ඒ.ඒ රණවක විසින් කියවන ලදී.

ඉන් අනතුරුව,චීන ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී භටපිරිස් ඇමතු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියංගොඩ විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ විනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදි අවධාරණය කළහ. පසුව සියලුදෙනාගේ සහභාගීත්වයෙන් එදින සන්ධ්‍යාවේ රට ජාතියට සෙත් පතා විශේෂ ආශිර්වාද බෝධිපූජා පිංකමක්ද පවත්වන ලදී.