Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 12:00:16 Hours

පනාගොඩ යුද්ධ හමුදා එන්නත්කරණ වැඩසටහනට සහයෝගය ලබාදෙමින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

පනාගොඩ බෝධිරාජාරාමයේ දැනට ක්‍රියාත්මක වන යුද්ධ හමුදා එන්නත්කරණ වැඩසටහන සඳහා සහයෝගයක් ලබාදෙමින්, ගල්කිස්ස සිංහ සමාජය විසින් වෛද්‍ය උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා (22) දින පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ භාවිතය සඳහා පරිත්‍යාග කරන ලදී.

මුහුණු ආවරණ, විෂබීජනාශක දියර, මුඛ ආවරණ, පුද්ගලික ආරක්‍ෂක කට්ටල සහ අත්වැසුම් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් මෙලෙස පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, සිංහ සමාජයේ සභාපති සංජීව වර්ණකුලසුරිය මහතා, සිංහ සමාජයේ ලේකම් නුවන් පෙරේරා මහතා සහ තවත් සිංහ සමාජයේ සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.