Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 14:00:16 Hours

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදය පිරිසිදු කරයි

බස්නාහිර පළාත තුළ පවතින ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හමුවේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සිකුරාදා (22) දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුර තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන ලදී.

ඩෙංගු මර්දනය සඳහා වු ක්ෂේත්‍ර සහකාර ඒකකයේ කණ්ඩායම් දෙකක් සමඟ එක්ව පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී. මේ සඳහා ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ද සහයෝගය හිමිවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී. මෙම වැඩසටහන කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය දිලිප් ලියනගේ, කොළඹ කොට්ඨාස මහජන සෞඛ්‍ය පරික්‍ෂක එම්.එල්. පෙරේරා, ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් ජි.ඩි.ආර්.යු.කේ. ගල්හේනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.