22nd October 2021 14:50:46 Hours
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී අභිමානවත් අයුරින් සමරමින් යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නිකුත් කල පණිවිඩය කියවා සේනාවිධායකතුමන් විසින් පාඨමාලා හදාරණ යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය.
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්, කාර්යමණ්ඩල සාමාජිකයින්, ශීෂ්‍ය නිලධාරින් මෙන්ම පාඨමාලා හදාරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව නිල උසස්වීම් ලැබු යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පුහුණුව හදාරණ කොමිෂන් නොලත් නිලධාරින් 15 දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකගේ සුරතින් සිදු කෙරිණි. 72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට තවත් වැදගත්කමක් එක් කරමින්, සේනාවිධායකතුමන් ඇතුළු කාර්යමණ්ඩලය කඳවුරු පරිශ්‍රයේ අඹ පැළ රෝපණය කළහ.
මෙම අවස්ථාවට සමගාමීව පැවැති විශේෂ වැඩසටහනක් ලෙස මහසෙන් රජුගේ යුගයේ සිට ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් විශාල වටිනාකමක් ඇති ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 3 වන සියවසේ ඉදිකල පූරාණ ගෝකණ්ණ රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භටපිරිස් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.