Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 14:55:46 Hours

56 වන සේනාංකයේ 24 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

56 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමගාමීව 561 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, කනගරායන්කුලම් සහ නැදුන්කෙර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියළි සලාක පාර්සල් 50 ක් 2021 ඔක්තෝබර් මස 17 දින බෙදාදුන්හ.

කොළඹ පිහිටි ‘මනුෂ්‍යත්වයේ සහන යාත්‍රව’ පදනමේ ප්‍රසාද් ලොකුබලසූරිය මහතාගේ අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලක ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කෙරිණි.