Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 13:30:29 Hours

අඩු ආදායම්ලාභි පවුල් අතර තවත් ඔක්සිජන් මාපක බෙදාදෙයි

පසුගියදා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කල ඔක්සිජන් මාපක තොගයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් අතුරුගිරිය, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල සහ මාලඹේ යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදෙන ලදී.  

මෙම පරිත්‍යාග වැඩසටහනේදී, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ උපදෙස් මත නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අඩු ආදායම්ලාභි පවුල්වල සාමාජිකයින්ට ඔවුන්ගේ ශරිරයේ රුධිරගත ඔක්සිජන් මට්ටම මැන බලාගැනීම සඳහා ඔක්සිජන් මාපක මෙලෙස පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනෙරත් යාපා ලබාදුන් උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 144 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහ ක්‍රියාවට නැංවිණි.