Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 14:35:19 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම භටපිරිස් අමතයි

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස පසුගියදා රාජකාරි ආරම්භ කල මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඉකුත් බදාදා (13) දින සිය භටපිරිස් ඇමතූවේය.  

අපගේ වෘත්තිමයභාවය සියලු ශ්‍රී ලාංකීකයින්ගේ පැසසුමට ලක්වී ඇති බැවින් ජාතියේ සහ යුද්ධ හමුදාවේ යහපත උදෙසා විනයගරුකව හා කැපවීමෙන් යුතුව රාජකාරි ඉටුකිරීමේ අවශ්‍යතාවය එහිදී භටපිරිස් ඇමතූ ආරක්‍ෂක සේනා ආඥාපති අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.