Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 14:40:19 Hours

යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 591 සහ 593 වන බලසේනාවේ භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කරයි

72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව වඩ්ඩුවාගල් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මේ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 සහ 593 වන බලසේනා යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 19 වන ගැමුණු හේවා බලඇණිය සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව යන ඒකකයන්හි භටපිරිස් එක්වූහ.  

මුලතිව් ප්‍රාදේශීය සභාව මගින් ලබාදුන් ට්‍රැක්ටර් රථ යොදාගනිමින් ප්ලාස්ටික් පොලිතින් වැනි අපද්‍රව්‍ය වලින් අපවිත්‍රවූ වෙරළ තීරය භටපිරිස් විසින් පිරිසිදු කළහ.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි.ඩි. සුරියබණ්ඩාර, 59 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 59 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 19 වන ගැමුණු හේවා බලඇණිය සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහ 593 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.