Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2021 08:00:34 Hours

623 වන බලසේනාව නිවාස අධිකාරිය සමග එක්ව නව නිවසක් ඉදිකරයි

72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් හොරොව්පතාන, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි පී.බි. ජයරත්න මහතා ඇතුළු පවුලේ සාමාජකයින් වෙනුවෙන් නව නිවසක් ඉදි කරදෙන ලදී.  

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ ගේ මුලිකත්වයෙන් ඉදිකල මෙම නිවස සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදී ඇත.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර සහ 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ ගේ උපදෙස් මත 5 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ධම්මික හේරත් ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කළහ.  

නව නිවස විවෘත කිරීමේ උත්සවයට අනුරාධපුර නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරණ නිලධාරි, ප්‍රදේශීය සභාවේ නිලධාරින් ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ නිවසට අවශ්‍ය උපකරණ කිහිපයක් ද මෙහිදි පරිත්‍යාග කළහ.