22nd October 2021 06:00:29 Hours
තෙන්නියාකුලම් ප්‍රදේශයේ සුදර්ශන ජයතිලක මහතාගේ අනුග්‍රාහකත්වය මත 17 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (18) දින වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 17 වන (ස්වෙච්ඡා) පාබල හමුදාවේ අණදෙන නිලධාරිගේ උපදෙස් පරිදි එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
මෙම වැඩසටහන සඳහා 65 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා) සහ 17 වන (ස්වේච්ඡා) පාබල හමුදාවේ නිලධාරින් හා සෙසුනිලයින් සිය දායකත්වය දැක්වූහ.