22nd October 2021 07:00:29 Hours
623 වන බලසේනාව යටතේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රිටිගහවැවේ පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් එම ඒකකයේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ඉකුත් ඉරිදා (17) දින දියත් කරන ලදී.
මෙම ප්‍රජා ව්‍යාපෘතිය 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් මත භටපිරිස් විසින් සිදුකරන ලදී.
මහ කන්නයේ කුඹුරු අක්කර 200 කට ජලය සපයන රිටිගහවැවේ මීටර් 1200 ක දිගින් යුත් වැව් බැම්ම පිරිසිදු කිරීමට රිටිගහවැව ගොවි සමිතියේ සාමාජිකයින් ද යුද්ධ හමුදාව සමඟ එක්වුහ. මෙම ව්‍යාපෘතිය මගින් ගොවි පවුල් 90 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ සැලෙසෙයි.