22nd October 2021 08:00:29 Hours
වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් සඳුදා (18) දින 652 බලසේනා බලප්‍රදේශයේ පාසල් සිසුන් අතර පාසල් උපකරණ බෙදාදුන්හ.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති, 652 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
65 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) ගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය පරිත්‍යාගශීලි සුදර්ශන ජයතිලක මහතා විසින් ලබාදුන්හ.
මේ සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති, 65 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී සහ 652 වන බලසේනාවේ හා 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහභාගී වූහ.