Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 12:00:29 Hours

රොටරි සමාජයේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් වියළි සලාක බෙදාදෙති

කොළඹ පිහිටි රොටරි සමාජයේ සුපෙම් ද සිල්වා මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මුලිකත්වයෙන් පොලොන්නරු දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ ව්‍යාපෘතියක් පසුගිය ඉරිදා (17) දින ක්‍රියාත්මක කරන ලදි. එහිදී එකක් රුපියල් 7500/= ක පමණ වටිනාකමින් යුත් වියළි සලාක පාර්සල් 100 ක් බෙදාදුන්හ.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවිණි.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී .

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය යන ප්‍රදේශවල සිවිල් වැසියන් වෙත මෙලෙස වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.

මෙම වැඩසටහන සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ, 23 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.