Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 13:00:29 Hours

52 වන සේනාංකයේ මුලිකත්වයෙන් සිවිල් වැසියන්ට වියලි සලාක පාර්සල් බෙදාදෙති

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස්හි මූල්‍යමය දායකත්වය ඇතිව විඩත්තපලෙයි, මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක් සඳහා වියලි සලාක පාර්සල් බෙදාදුන්හ. මෙම වැඩසටහන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව පසුගිය ඉරිදා (17) දින යාපනයේ කොඩිකාමම් සහ වල්ලෙයි ප්‍රදේශයේදී පැවැත්විණි.

52 වන සේනාංකයේ සහ 521 වන බල‍සේනාවේ භටපිරිස් විසින් දියත් කළ මෙම වැඩසටහන අතරතුරදී, එම බලප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් පරිප්පු, සීනි, කිරිපිටි, ලුණු, තේ කොල, ළූණු අඩංගු රුපියල් 3000/= ක පමණ වටිනාකමකින් යුත් වියලි සලාක පාර්සලය බැගින් බෙදාදුන්හ.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා 521 වන බලසේනාවේ බලසේනාධිපති, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භටපිරිස් සහභාගී වූහ.