22nd October 2021 14:45:46 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව දකුණේ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් මුලිකත්වයෙන් ඉදිකළ තවත් නිවාස හතරක් පසුගියදා නිවාසලාභින් වෙත භාරදුන්නේය. මෙම ව්‍යාපෘතිය 72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකෙරිණි.
ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ උපදෙස් මත 64 වන සේනාංක බලප්‍රදේශයේ ඉදිකල නව නිවසක් ඉකුත් අඟහරුවාදා (12) දින ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කෙරිණි.
කිරනමඩු, මන්දකන්ඩාල් 54 වන ග්‍රාමසේවා වසමේ පදිංචි රාමචන්ද්‍රන් මඩිවදිනී මහත්මිය වෙනුවෙන් මෙම නිවස ඉදිකිරීම සඳහා පූජ්‍ය ගල්මඩුවේ ශාන්තබෝධි හිමියන් සහ පිළියන්දල අමිතඝෝෂ හිමියන් ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේලා කිහිපනමකගේ අනුග්‍රාහකත්වයෙන් ලබාදුන් රුපියල් ලක්‍ෂ 4 ක මුදලක් වැය කරන ලදී. මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 641 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදුන්හ.
එමෙන්ම, කොළඹ ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලි ලක්‍ෂමන් ජයමහ මහතා සහ ශාමිනි ලක්‍ෂමන් මහත්මිය විසින් ලබාදුන් රුපියල් 650,000/= ක මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මාන්කුලම්, මන්වලපඩ්ඩමුරිප්පු ග්‍රාමසේවා වසමේ පදිංචි විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් තවත් නිවසක් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකරන ලදී.
එම පරිත්‍යාගශීලින්ගේම අනුග්‍රහය ඇතිව රුපියල් 450,000/= ක් වැය කරමින් 642 වන බලසේනාව යටතේ ස්ථාපිත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඕඩ්ඩුසුඩාන් 61 වන ග්‍රාමසේවා වසමේ පදිංචි චන්ද්‍ර කුමාර මහතා වෙනුවෙන් තවත් නව නිවසක් ඉදිකරදෙන ලදී.
එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පරිත්‍යාගශිලී නිලුක්‍ෂි රාජපක්‍ෂ මහත්මිය විසින් ලබාදුන් රුපියල් 400,000/= ක මුදල යොදාගනිමින් මුතියන්කඩ්ඩුකුලම් 55 වන ග්‍රාමසේවා වසමේ පදිංචි රසාතිරාම් රාජේශ්වරී මහත්මිය වෙනුවෙන් තවත් නව නිවසක් 643 වන බලසේනාව යටතේ ස්ථාපිත 13 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ඉදිකරදෙන ලදී.
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් මුලිකත්වයෙන් මෙලෙස ඉදිකරන ලද නව නිවාස හතර, දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉදිකල අතර නව නිවස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ද පරිත්‍යාගශීලින් විසින් ලබාදුන්හ.
එමෙන්ම, මුතියන්කඩ්ඩුකුලම් ග්‍රාමසේවා වසමේ පදිංචි සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකල ජල පිරිපහදු ඒකකය ඉකුත් අඟහරුවාදා (12) දින ආරක්‍ෂක සේන ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සුරතින් විවෘත කෙරිණි. ඒ සඳහා යුද්ධ හමුදාව විසින් රුපියල් 100,000 ක මුදලක් වැය කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යු.ආර්. වීරකෝන් ගේ උපදෙස් මත මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.පී.ජේ.සී. ජයවර්ධන, 642 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ටී.පී. ද සිල්වා, 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.ටී. ඇතුල්දොරආරච්චි, 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.බී.එස්. අතුකෝරල සහ 13 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එල්. තුෂාර ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.