Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 10:00:29 Hours

දෙමළ මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස්හි ශ්‍රාමදායකත්වය

පොලොන්නරුව ගල්විහාරය සහ තිවංක පිළිමය අතර පිහිටා ඇති ක්‍රිස්තු පූර්ව 12 වන සියවසයේදී පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද ‘දෙමළ මහා සෑය’ නම් චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සෙනසුරාදා (16) දින සිය සහයෝගය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න ගේ උපදෙස් මත දිනය පුරා පැවැති මෙම ව්‍යාපෘතිය ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මාණ්ඩලික නිලධාරි 1 (පාලන) ලුතිනන් කර්නල් නන්දතිලක ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කිරීම සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත සියලුම ඒකකවල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.