Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 14:00:29 Hours

උසස්වීම් ලැබු ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් වෙත ගෞරවාචාර

පසුගියදා උසස්වීම් ලැබු ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් වෙත ඉකුත් සඳුදා (18) දින ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් හිදී පැවති විශේෂ උත්සවයකදී එම මුලස්ථානයේ භටපිරිස් විසින් සිය ගෞරවාචාරය පුද කළහ.

ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් අනිල් ඉංගකෝන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් පිරිනැමීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එක්විය. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා එම මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.