19th October 2021 14:45:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ රෙජිමේන්තු දින සැමරුම සහ උසස්වීම් ලද කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් 2021 ඔක්තෝබර් මස 14 දින උත්සවයක් පැවැත්විණි.
එම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් රුක් රෝපණය කිරිමේ වැඩසටහනක් සඳහා එක්වූවේය. පසුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් භටපිරිස් ඇමතුවේය.
එදින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කිරීම සහ රට වෙනුවෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම වෙනුවෙන් බෞද්ධාගමික පුණ්‍ය වැඩසටහනක් පැවැත්විණි.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, අණදෙන නිලධාරින්, එම රෙජිමේන්තුවේ සියලු නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.