Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2021 15:00:18 Hours

පලෙයිකුලී යුද්ධ හමුදා භටපිරිස් නීතිවිරෝධී කහ තොගයක් අත්අඩංගුවට ගනී

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාව වෙත ලද තොරතුරකට අනුව එම බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (18) දින පලෙයිකුලී ප්‍රදේශයේදී නීතිවිරෝධී කහ කිලෝ 98 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එම කහ තොගය වැඩිදුර පරික්‍ෂණ සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.

රුපියල් 5,88,000/- ක වටිනාකමකින් යුත් කහ ගෝනි 04 ක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වෙතත්, කිසිදු සැකකරුවෙකු මේ සමඟ අත්අඩංගුවට ගෙන නොමැත.

මේ පිළිබඳ වැඩිදුර පරික්‍ෂණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.