19th October 2021 20:00:18 Hours
පසුගිය දා උසස්වීම් ලද මිරිසුවිල් පිහිටි 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පසුගිය බදාදා (13) දින එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, එතුමන් වෙත හමුදා සමුප්‍රදයානුකූලව ගෞරවාචාර පුදකරන ලදී.
එහිදී, සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත 7 වන සහ 15 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාර පුදකිරීමෙන් අනතුරුව භටපිරිස් විසින් සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයක් සඳහා ද එක්විය.
පසුව, හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූවේය.
මෙම උත්සවය සඳහා 52 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවල බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගි වූහ.