19th October 2021 15:30:18 Hours
613 වන බලසේනාවේ භටපිරිස් කඹුරුපිටිය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන එම ප්‍රදේශයේ පදිංචි අවශ්‍යතා සහිත පවුල්වල සාමාජිකයින් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (16) දින ක්‍රියාත්මක කරන ලදී.
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සහ බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ගේ උපදෙස් හා අධීක්‍ෂණය මත 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
එම වැඩසටහන ‘Blissful Minds’ සංවිධානයේ අනුග්‍රාහකත්වය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, ඇල්පිටිය ඉගල්කන්ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ අක්මීමන රුහුණු ජාතික විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්, කඹුරුපිටිය ප්‍රදේශයේ ගම්වාසීන් සහ යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සඳහා රුපියල් 6000 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගී වූහ.