19th October 2021 18:00:18 Hours
72 වන යුද්ධ හමුදා දින සංවත්සර සැමරුම වෙනුවෙන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ භටපිරිස් ඔක්තෝබර් මස 10 දින ප්‍රජා මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් තෙරාවිල්, වල්ලුවාපුරම්, වල්ලිපුනම් සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.
මුලතිව් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් 25 ක් අතර බෙදාදුන් මෙම වියළි සලාක පාර්සල් සහල්, පරිප්පු, සීනි, අර්තාපල් අල සහ ළූණු ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත විය.
මෙම අවස්ථාව සඳහා 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආරච්චි සහ 6 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.ආර්. හෙන්නායක ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගි වූහ.
එමෙන්ම, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනාවේ භටපිරිස් 72 වන යුද්ධ හමුදා දින සංවත්සර සැමරුම වෙනුවෙන් ඔක්තෝබර් මස 10 දින තවත් ප්‍රජා මූලික ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, 641 වන බලසේනාවේ භටපිරිස් මොණරවැව විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා වෙත දානය පූජා කළ අතර 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මුලමුරිප්පු ක්‍රිස්තියානි දේවස්ථානය පිරිසිදු කළහ. එමෙන්ම, 64 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළ රෝපණය කළ භටපිරිස් සිවිල් වැසියන් 1104 දෙනෙකු වෙත පැළ බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට 641 වන බලසේනාවේ බලසේනාධිපති සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගි වූහ.