Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2021 15:15:18 Hours

‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් පොල් පැළ 500 ක් බෙදාදෙති

72 වන යුද්ධ හමුදා දින සංවත්සර සැමරුම වෙනුවෙන් 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඔක්තෝබර් මස 13 දින ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ වැඩසටහනට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් 250 ක් වෙත පොල් පැළ 500 ක් බෙදාදීමට භටපිරිස් කටයුතු කළහ.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය හොරොව්පතාන ප්‍රදේශයේ පිහිටි අලපත්තෑව, බෝධිමළු විහාරස්ථානයේදී පවත්වනු ලැබිණි.  

පූජ්‍ය අලපත්තෑව විජිතානන්ද හිමිපාණන්, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර සහ 623 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත සංවිධානය කළ මෙම වැඩසටහන 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ධම්මික හේරත් සහ එම ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.