Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2021 13:15:32 Hours

යුද්ධ හමුදා දින සංවත්සරය වෙනුවෙන් වාකරේ වෙරළ තීරය පිරිසිදු කරති

72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට 233 වන බලසේනාවේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් හා සෙසුනිලයින් එක්වූහ.

මේ අතර, යුද්ධ හමුදා දින සංවත්සරය නිමිත්තෙන් වාකරේ පිහිටි 233 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ කොස් පැළ 50 ක් රෝපණය කරන ලදී.