19th October 2021 14:15:18 Hours
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 සහ 622 වන බලසේනාවල භටපිරිස් 72 වන යුද්ධ හමුදා දින සංවත්සර දින සැමරුමට සමගාමීව (ඔක්තෝබර් 10) පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
එහිදී, 621 වන බලසේනාවේ භටපිරිස්, 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සමඟ එක්ව ශ්‍රී ගජබා විහාරස්ථාන පරිශ්‍රයේ පොල් පැළ 50 ක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් එම කඳවුරු පරිශ්‍රයේ කොස් පැළ 200 ක් සහ පොල් පැළ 100 ක් රෝපණය කළහ.
එමෙන්ම, ගජබාපුර පිහිටි ශ්‍රී ගජබා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කුරුණෑගල නන්දසාර හිමිපාණන් විසින් එම ප්‍රදේශයේ වැසියන් අතර පොල් පැළ 200 ක් බෙදාදෙන ලදී. එම අවස්ථාවට 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම්, 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජිනේෂ් ලියනගම, නිලධාරින්, සෙසුනිලයින් සහ ගම්වාසීන් ද සහභාගී වූහ.
මේ අතර, 622 වන බලසේනාවේ සහ 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් හැළඹවැව විහාරස්ථානයේදී ප්‍රදේශවාසීන් අතර අඹ, කොස්, දෙහි සහ කුඹුක් පැළ 150 ක් බෙදාදුන් අතර එම අවස්ථාව සඳහා හැළඹවැව විහාරස්ථානයේ විහාරාධිපති සහ ග්‍රාම නිලධාරි එක්වූහ. තවද, එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් සමඟ එක්ව 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පරණ මැදවච්චිය ග්‍රාම නිලධාරි වසමේදී සිවිල් ජනතාව අතර කොහොඹ, මී සහ කුඹුක් පැළ 100 ක් බෙදාදුන්හ. තවද, එම පැළ වර්ධනය වන තුරු රැකබලාගැනීමේ වගකීම ද භටපිරිස් විසින් සිදුකරනු ඇත.