Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2021 12:57:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ ප්‍රථම බලකාධිපති ලෙස මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ 2021 ඔක්තෝබර් මස 18 දින සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

එහිදී, නව බලකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ භටපිරිස් ඇමතුවේය. එහිදී, යුද්ධ හමුදාවේ අභිමානවත් සාමාජිකයින් වශයෙන් ඔවුන් වෙත පැවරෙන රාජකාරි කැපවීමෙන් හා උනන්දුවෙන් ඉටුකර සිය වෘත්තීය කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කළේය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසුව සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූවේය.

මෙම අවස්ථාව සඳහා අතිරේක ප්‍රහාරක බලකාය නියෝජනය කරමින් 53 සහ 58 වන සේනාකංයේ සේනාංකාධිපතිවරුන් සහ විශේෂ ක්‍රියාන්විත බලකාය, කමාන්ඩෝ බලසේනාව සහ විශේෂ බලකා බලසේනාව නියෝජනය කරමින් බලසේනාධිපතිවරුන් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්වූහ.