19th October 2021 14:00:18 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත උඩුපිඩ්ඩි, ඉමායනාන් ප්‍රදේශයේ පදිංචි තවත් අවශ්‍යතා සහිත පවුලක් පිළිබඳ තොරතුරු සැලවීමෙන් අනතුරුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස්හී කාර්මික හා ඉංජිනේරු දැනුම මෙන්ම ශ්‍රම දායකත්වය යොදාගනිමින් එම පවුල වෙත නව නිවසක් ඉදිකරන ලදී.
උඩුපිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වසන්නදි දර්ශනී මහත්මිය වෙනුවෙන් ඉදිකරනු ලැබූ මෙම නව නිවස සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය කුමාර වීරසූරිය මහතා සහ සිය මිතුරන් විසින් ලබාදෙන ලදී. ඔවුන් මීට පෙර මෙවැනි ප්‍රජා මූලික ව්‍යාපෘති ගණනාවකට අනුග්‍රාහකත්වය ලබා දී ඇත.
නව නිවස නිවාසලාභින් වෙත පවරාදීමේ උත්සවය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (18) දින පැවැත්වුණු අතර එහිදී, නිවාසලාභීන් වෙත අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා දානපති කුමාර වීරසූරිය සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ද එක්වූහ.
මෙම වැඩසටහන 551 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය මත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, භටපිරිස් සහ නිවාසලාභියාගේ ඥාතින් ද එක්වූහ.