19th October 2021 11:59:34 Hours
72 වන යුද්ධ හමුදා දින සංවත්සරය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් කුඹුක් පැළ 10,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කළ අතර පසුගිය ඉරිදා (10) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය තුළ කුඹුක් පැළ 1600 ක් රෝපණය කරන ලදී.
ජලය රඳවාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා වූ යෝග්‍ය විකල්ප විසඳුමක් වශයෙන් දිවයිනේ සෑම යුද්ධ හමුදා කඳවුරක් තුළම කුඹුක් පැළ සිටුවන ලෙස දිවයින පුරා ස්ථාපිත සියළු යුද්ධ හමුදා කඳවුරු වෙත යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ අධීක්‍ෂණය යටතේ නැගෙනහිර කලාපය තුළ කුඹුක් පැළ රෝපණය කිරීම ආරම්භ කළ අතර ඒ සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති ඒකකයන්හී අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සිය දායකත්වය දැක්වූහ. මෙසේ රෝපණය කරන ලද කුඹුක් පැළ එම කලාපයේ දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වන තෙක් හොඳින් රැකබලාගැනීමට භටපිරිස් කටයුතු කරනු ලබයි.