Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2021 23:42:45 Hours

කෝප්‍රල් මහේෂ් තීක්‍ෂණ 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දස්කම් දක්වයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මහීෂ් තීක්‍ෂණ ජාත‍්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නෑම්බියාවට එරෙහිව පසුගිය සඳුදා (18) දින පැවති තරඟයේ කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට සමත්විය.

තරඟය අතරතුර, මහීෂ් තීක්‍ෂණ පන්දු වාර 4 ක දී ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳ හෙලමින් නෑමීබියානු ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19.3 කදී ලකුණු 96 කට සීමාකිරීමට සමත්විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 13.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 100 ක පහසු ජයක් වාර්තාකිරීමට සමත්වූහ.

තරඟයේ දැක්වූ දස්කම් හේතුවෙන් තරඟයේ වීරයා ලෙස යුද්ධ හමුදාවේ කෝප්‍රල් මහීෂ් තීක්‍ෂණ නම්කෙරිණි.