18th October 2021 14:13:43 Hours
මන්නාරමේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානය රවී රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ වෙසෙන ‘ස්වේෂිණි’ (Sweshini) සංවිධානයෙන් ලද අනුග්‍රාහකත්වය මත ජෝෂප් වාස් දේවස්ථානය වටා තාප්පයක් ඉදිකිරීම සඳහා සිමෙන්ති කොට්ට 37 ක් පරිත්‍යාග කරන ලදී.
මන්නාරම, කාලිමොටේ, මුරුංකන් ප්‍රදේශයේ පිහිටි මෙම ක්‍රිස්තියානි දේවස්ථානයේ බලධාරින්ගේ ඉල්ලීම මත මෙම තාප්පයේ ඉදිකිරීම් කටයුතු සඳහා 542 වන බලසේනාවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය මෙන්ම තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම ලබාදුන්හ.
54 වන සේනාංකයේ තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය එම සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූහ.
මෙම තාප්පයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහ සිමෙන්ති තොගය පරිත්‍යාග කිරීම සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර, 542 වන බලසේනාවේ බලසේනාධිපති, 54 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහභාගි වූහ.