Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2021 17:28:08 Hours

ආරක්‍ෂක ලේකම් ‘දීඝවාපිය’ පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබලයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ලමාහේවා (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, අම්පාර නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න මහතා, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මහචාර්ය අනුර මණතුංග මහතා, බෞද්ධයා මාධ්‍ය නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමිපාණන් සහ නාවික හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පසුගිය සිකුරාදා (15) දින ඓතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූහ.

ක්ෂේත්‍ර සංචාරයෙන් පසු, එම සංචාරය සඳහා එක් වූ සියළුදෙනා විහාරස්ථාන පරිශ්‍රයේ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ කරුණු සාකච්ඡා කළ අතර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ඇති හැකියාව පිළිබඳ සමාලෝචනයක නිරත විය.