18th October 2021 12:54:42 Hours
නිවාස අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා යුද්ධ හමුදාව ගෙනයනු ලබන ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වේල්ලාවේලි, බක්කිඇල්ල ප්‍රදේශයේ පදිංචි 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ විශ්‍රාමික රණවිරුවෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.
පසුගිය අඟහරුවාදා (12) දින පැවති නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගී වූවේය. එතුමන් විසින් නව නිවසේ පීත්ත පටිය කපා නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු භාරදුන්නේය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රාහකත්වය ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක චන්දන ගුණවර්ධන මහතා විසින් ලබා දෙන ලදී.
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුලීප බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය නිමකිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික හා ඉංජිනේරු විශේෂඥතාවය 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.