15th October 2021 14:00:36 Hours
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ සහ 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් ගේ උපදෙස් මත 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී. ඒ සඳහා වවුනියාව රෝහලේ සදහම්සුව බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වය හිමිවිය.
ප්‍රජා සුභසාධන ව්‍යාපෘතියක් ලෙස දියත් කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ ඇගයීමට ලක්විය.
දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු අංක 04 ඒ, වැලිඔය, ඇතාවැටුණුවැව ලිපිනයෙහි පදිංචි සී.ආර්. ප්‍රියදර්ශන මහතා පිළිබඳ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරින් පිරිසක් විසින් යුද්ධ හමුදාව වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජිනේෂ් ලියනගම ගේ අධික්‍ෂණය යටතේ අභිනවයෙන් ඉදිකළ මෙම නිවස යුද්ධ හමුදා සංවත්සර දිනයේදී නිවාසලාභියා වෙත භාරදුන්නේය.
වවුනියාව රෝහලේ සදහම්සුව බෞද්ධ සංගමයේ සහයෝගය ඇතිව 621 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් නව නිවස ඉදිකරන ලදී.
නව නිවස භාරදීමේ අවස්ථාවට සදහම්සුව බෞද්ධ සංගමයේ නියෝජිතයින්, 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 621 වන බලසේනාවේ බලසේනාධිපති, 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ඇතුළු තවත් කිහිපදෙනෙකු සහභාගී වූහ.