Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 10:00:10 Hours

අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

ධානපතියෙකුගේ සහයෝගය ඇතිව මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය වෙතින් උන්නච්චි, සිප්පිමඩු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය අඟහරුවාදා (12) දින නිවාසලාභින් වෙත පවරා දුන්හ.

නිවාසලාභි එම්.එම්.එස්.ටී. කුමාර නන්දසේන මහතා වෙනුවෙන් 231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම නව නිවස ඉදිකරන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස ඉදිකරනු ලැබූ මෙම නව නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී ප්‍රතිලාභින් වෙත පවරාදුන්හ.

හෘද ශල්‍ය වෛද්‍ය මුදිත ලංසක්කාර ගේ අනුග්‍රාහකත්වය ඇතිව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

මෙම උත්සවය සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුලීප බණ්ඩාර, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් මේනක ගුණරත්න, භටපිරිස් සහ එම ප්‍රදේශයේ වැසියන් ද සහභාගී වූහ.