14th October 2021 17:25:45 Hours
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අම්පාර සහ පොළොන්නරුව රෝහල්වල වෛද්‍ය නිලධාරින් සමඟ එක්ව මනම්පිටිය ප්‍රතිභා ශාලාවේදී ඉකුත් සඳුදා (11) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් දියත් කරන ලදී.
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් 200 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව පැවැති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේදී සිය රුධිරය පරිත්‍යාග කළහ.
රුධිර පරිත්‍යාග වැඩසටහන පිළිබඳ සොයාබැලිම සඳහා එම ස්ථානයට පැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය රුධිර පරිත්‍යාගශීලීන් සහ වෛද්‍ය කාර්යමණ්ඩලය සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.
මෙම අවස්ථාවට 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.