Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 10:15:41 Hours

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී වෙත ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා ගෞරවාචාර

ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 38 වන සංවත්සර දින සැමරුම් උත්සවය අද (14) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

ගජබා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය කරමින් නිලධාරින් 42 ක් සහ සෙසුනිලයින් 520 දෙනෙකුගෙන් සමන්විත ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි වෙත පිරිනැමුහ.

ඉන් අනතුරුව, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි මෙම අවස්ථාවට මතකයන් එක් කරමින් සංවත්සර දින සැමරුම් උත්සවයට සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ගජබා රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි එම කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුවේය.

ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානී සාලියපුර පිහිටි ගජබා රෙජමේන්තු මධ්‍යස්ථානයේ සිදුකළ සංචාරය සිහිවනු වස් විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම උත්සවය සඳහා සපැමිණි ඉන්දියානු යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි වීනා නාරාවන මැතිණිය (Mrs Veena Naravane) යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය විසින් මානෙල් මල් කළඹක් දී උණුසුම් අයුරින් පිළිගනු ලැබුවාය.

මෙම උත්සවය අතරතුරදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේ රන් පදක්කම්ලාභි බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන වෙත හඳුන්වාදුන්නේය.

මෙම සංවත්සර උත්සවය සඳහා ඉන්දියානු යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන හා මේජර් ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් රජීව් තාපර් (Major General Rajeev Thapar) සහ හමුදා සහයක මේජර් ජෙනරල් වික්රාන්ත් නයික් (Major General Vikrant Naik) සහ කර්නල් මන්දීප් සිං දිල්ලන් (Colonel Mandeep Singh Dhillon) ද සහභාගී වූහ.