Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2021 17:49:36 Hours

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගනී

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) ඇතුළු නියෝජිත පිරිස බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ආශීර්වාද ලබාගත්හ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත සපැමිණි ඉන්දීය නියෝජිත පිරිස 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ඉන්දියානු යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි වීනා නාරාවන (Mrs Veena Naravane) මැතිණිය ඇතුළු ඉන්දිය නියෝජිත පිරිස එක්වූහ.

ශ්‍රී දළඳා මාලිගාව වෙත ප්‍රවිෂ්ඨ වූ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ඇතුළු නියෝජිත පිරිස ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිච්ච මල් වට්ටියක් පිරිනමා මහත් හරසරින් යුතුව පිළිගත්තේය. ඉන් අනතුරුව, සියලුදෙනා ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ආශිර්වාද ලබාගත්හ.