15th October 2021 18:27:08 Hours
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු දිනය ( ඔක්තෝබර් 14) නිමිත්තෙන් අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉකුත් බදාදා (13) දින සන්ධ්‍යාවේ පැවති විශේෂ උත්සවයකදී ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ගෞරවාචාර පුදකළහ.
ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය.
ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් විජය විමලරත්න ගජබා රෙජිමේන්තුවේ ආරම්භය හා ප්‍රවර්ධනය වෙනුවෙන් දැක්වු දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර පුදකළේය.
ඉන් පසුව ගජබා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය කරමින් නිලධාරින් 42 ක් සහ සෙසුනිලයින් 520 දෙනෙකුගෙන් සමන්විත අභිමානවත් ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිරිනැමීය.
එහිදී භටපිරිස් ආමන්ත්‍රණය කළ රෙජිමේන්තු අධිපතිතුමන්, ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදා සංවත්සර දින උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම පිළිබඳව කෘතඥතාපූර්වකව සිහිපත් කළේය.
වසර 38 ක් සපුරන ගජබා රෙජිමේන්තුවේ මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහභාගී වන අතර එය ගජබා රෙජිමේන්තුවට මහත් ගෞරවයක් මෙන්ම එය තවත් එක් සන්ධිස්ථානයක් බවත් රෙජිමේන්තු අධිපතිතුමන් සිය දේශනයේදී පැවසුවේය.
ගජබා රෙජිමේන්තුවේ 1 වන අණදෙන නිලධාරි ලෙසත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසත් එම රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම ජෙනරල්වරයා ලෙසත් තනතුරු දැරීමට රෙජිමේන්තුවෙන් ලැබුණු ශක්තිය හා ධෛර්ය වෙනුවෙන් සිය දේශනය අතරතුරදී සියලුදෙනාට ස්තූතිය පුද කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් ගජබා රෙජිමේන්තුවට 2 වන ලුතිතන්වරයෙකු වශයෙන් අනුයුක්ත කරන විට ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන මේජර් ජෙනරල් විජය විමලරත්න එවකට සිය 1 වන අණදෙන නිලධාරි වශයෙන්, නායකයෙකු ලෙස ඉදිරියට යාමට ලබාදුන් උපදෙස් හා මාර්ගෝපදේශ වෙනුවෙන් සිය කෘතඥතාවය එතුමන් වෙත පුදකළේය.
එසේම, රෙජිමේන්තුවේ දියුණුව හා ජයග්‍රහණ වෙනුවෙන් කැපවීමට මඟපෙන්වු ඛණ්ඩභාර සැරයන් සැරයන් ජයසුන්දර ඇතුළු ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි සිය ගෞරවය පුද කළේය. අවසන් වශයෙන් රට වෙනුවෙන් දිවිිපිදු ගජබා රෙජිමේන්තුවේ සියලුම විරෝදාර රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කළ හෙතෙම රණක්‍ෂිතයට පත්ව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
සිය දේශනයෙන් අනතුරුව, මෙම අවස්ථාවට සනිටුහන් කරමින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
ඉන් පසුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ නවාතැන් පහසුකම් සංකීර්ණය රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කෙරිණි.
රෙජිමේන්තු සංවත්සර දිනය සනිටුහන් කරමින් බදාදා (13) දින පැවති මෙම උත්සවයෙන් අනතුරුව, බ්‍රහස්පතින්දා (14) දින පැවැත්වීමට නියමිත ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු දින සංවත්සර උත්සවයට තවත් සුවිශේෂිත්වයක් එක් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහභාගී වේ.