Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2021 17:30:01 Hours

මුලතිව් දිස්ත්‍රික් රෝහල වෙත ‘Oxygen Concentrator’ යන්ත්‍ර පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින මුලතිව් දිස්ත්‍රික් රෝහල වෙත ‘oxygen concentrator’ යන්ත්‍ර පරිත්‍යාග කරන ලදී.

මෙම ‘oxygen concentrator’ යන්ත්‍ර එම රෝහලේ හදිසි අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන ලදී.

මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු විසින් අවශ්‍යතා සහිත අයවළුන් අතර බෙදාදීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබාදෙන ලදී.

මෙම oxygen concentrator තොගය ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය විසින් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය කනගසභාපති වාසුදේව වෙත ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු සහ එම රෝහලේ වෛද්‍ය නිලධාරින් සහභාගී වූහ.