Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2021 08:00:31 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බලඇණි ආධාරක අවි පාඨමාලාව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පැවැත්වූ බලඇණි ආධාරක අවි පාඨමාලාව 91 (2021/11) පසුගිය සෙනසුරාදා (02) දින පැවති ත්‍යාග ප්‍රදානොත්සවයෙන් අවසන් විය.

මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළු 55 දෙනෙක් සහභාගී වූහ. බලඇණි ආධාරක අවි පාඨමාලාව සාර්ථකව හැදෑරූ භටපිරිස් වෙත සහතික පත් හා ලාංඡන පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීර සහභාගී වූවේය.

මෙම පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට හිමි සම්මානය 11 වන ගැමුණු හේවා බලකායේ සැරයන් පී.ජී.අයි. නුවන් සංජීව හිමිකරගන්නා ලදී.