Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2021 21:10:59 Hours

යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් පොල් පැළ 2000 ක් සිටුවති

යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල පරිශ්‍රයේ පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ මූලිකත්වයෙන් භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතියට සමගාමීව පොල් පැළ 2000 ක් රෝපණය කළහ. ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් චන්න වීරසූරිය පළමු පැළය රෝපණය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය සනිටුහන් කරමින් මෙම ප්‍රදේශයේ මෙතරම් විශාල පොල් පැළ ප්‍රමාණයක් රෝපණය කළ පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ජගත් වීරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.