Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2021 14:40:04 Hours

විඩත්තපලෙයි බලඇණි පුහුණු පාසලේ දෙවන ආධුනික පුහුණු පාඨමාලාව ඇරඹේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් යාපනය, විඩත්තපලෙයි බලඇණි පුහුණු පාසලේ පැවැත්වෙන දෙවන ආධුනික පුහුණු පාඨමාලාව පසුගිය බ්‍රහස්පතින්දා (7) දින ආරම්භ විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ මඟපෙන්වීම යටතේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව පැවැත්වෙන මෙම ආධුනික පුහුණු පාඨමාලාව අඛණ්ඩව මාස 04 ක් ක්‍රියාත්මක වේ.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ විසින් මෙම පුහුණුවේ ආරම්භක දේශනය සිදුකරමින් ආධුනික සෙබළුන් ලෙස සිවිල් ජීවිතයෙන් හමුදා ජීවිතයට පරිවර්ථනය වීම සඳහා මූලික හමුදා පුහුණුවේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. එහිදී, පුහුණු කාලය තුළ ආධුනික සෙබළුන්ගේ වගකීම සහ පුහුණු පාඨමාලාව තුළ සිය විනය පවත්වාගැනීම, හැසිරීම සහ කැපවීම පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද ආධුනික සෙබළුන් දැනුවත් කරන ලදී.

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සිංහල, මුස්ලිම් සහ දමිළ තරුණයින් 233 දෙනෙකුගෙන් සමන්විත වන මෙම පුහුණු පාඨමාලාව 52 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්‍ෂණය යටතේ 2022 පෙබරවාරි මස 07 දක්වා පැවැත්වේ.

මෙම සමාරම්භක උත්සවය සඳහා 521, 522 සහ 523 බලසේනාවල බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මාණ්ඩලික නිලධාරින්, බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් සහ බලඇණි පුහුණු පාසලේ උපදේශකවරුන් සහභාගී වූහ.