Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 14:24:04 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තෙලිප්පලේ රෝහලට Oxygen Concentrator යන්ත්‍ර පරිත්‍යාග කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය දා තෙලිප්පලේ මූලික රෝහල වෙත Oxygen Concentrator යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරි මේජර් චින්තන කුමාර විසින් මෙම Oxygen Concentrator යන්ත්‍රය තෙලිප්පලේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය පී. තිලීපන් වෙත පසුගිය අඟහරුවාදා (05) දින භාරදෙනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සහ අනෙකුත් රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට මෙම Oxygen Concentrator යන්ත්‍රය ඇමරිකානු ශ්‍රී ලංකා පදනම වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ලබා දී ඇත.